පොඩි එවුන් අයිස් ගහනවනෙ
Western Culture , අයිස් , ඒඩ්ස්
මේක ලියන්නෙ අවුරුදු 13,14 ළමයි අයිස් වලට ගොදුරු වෙලා කියලා Media වල පත්තර වල ලොකුවට Hype වෙලා තියෙන හින්දා..
මේ වෙනකොට ලංකාවේ පාසල් වලට සීඝ්‍රයෙන් ඇතුල් වෙන මත්ද්‍රව්‍ය වෙලා තියෙන්නෙ අයිස්. අපේ කාලෙ නම් ඉතින් ගංජා තමා🙂 හැබැයි මේ වෙනකොට අයිස් මුලු පාසල් පද්ධතියම ගිල ගනිමින් තමයි තියෙන්නෙ. ඒක එච්චර හොඳ දෙයක් නෙමේ. අයිස් සයිඩ් Effects ඉතාම ඉක්මනින් සිද්ධ වෙනවා.
ලංකාවේ මේ වසංගතේ පැතිරෙන්න සෘජුව හා වක්‍රව හේතු වුන දේවල් කිහිපයක් තියෙනවා. පහුගිය කාලේ තිබ්බ අරගලේ එහෙමත් සෘජුව මේ කාරණේට බලපෑවා. ආණ්ඩුව අරගලේ මර්දනයට කරන්න සම්පූර්ණ බලය යෙදෙව්වා බුද්ධි අංශ වැඩ කලේ ඒ දේවල් වලට ඉතින් ඔය කාලේ ලංකාවේ අයිස් කුඩු බිස්නස් එක කරන කට්ටියට හරිම ලේසියෙන් බඩු ගෙන්න්න පුලුවන් වුනා විතරක් නෙමේ අරගලේ සමහරු මත්ද්‍රව්‍ය වල ගුණ වයන්න ගත්ත එකෙන් සහ Western Culture එකේ මත්ද්‍රව්‍ය ගන්න එක සාමාන්‍ය දෙයක් කියලා අපේ 2000න් පස්සෙ සෙට් එකේ ඔලු හෝදන්න ගත්තා.
ඒ විතරක් නෙමේ මත්ද්‍රව්‍ය ගත්තාම නිර්මාණශීලී වෙනවා වගේ මතත් සමාජය තුල පැතිරෙන්න හැරියා. ඒකෙන් ටික ටික අයිස් වගේ මත්ද්‍රව්‍ය අපේ පාසල් ශිෂ්‍යයෝ අතරට ගියා. ශිෂ්‍යයෝ විතරක් නෙමේ ශිෂ්‍යාවන් පවා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙමින් පවතින තත්වයක් උදා වෙලා.
අයිස් විතරක් නෙමේ ඒඩ්ස් පවා මේ වෙනකොට වසංගතයක් වගේ පැතිර යනවා. අනාරක්ෂිත ලිංගික ක්‍රියාකරකම් වැඩි වෙලා. ඒවටත් සමාජයෙ පිලිගත් මතයක් හදන්න පුලුවන් අය ඉතින් සියුම් පෙළඹවීමක් කරා. Living together වගේ Concept ඉස්සරහට දාගෙන ඇනලා මාරු වෙන්න බලන් ඉන්න අයට රජ මගුල් ඉතින්😂. මීට පස්සෙවත් එක එකාගෙ දේශපාලන Agenda වලට අහු නොවී හිටිය නම් රටේ මිනිස්සුන්ට අඩුම ගානේ එ ගැන හිතලා හරි සතුටු වෙන්න පුලුවන්

Comments
Post a Comment